අපගේ දැක්ම
මාතෘ භූමියත්,උතුම් බුද්ධ ශාසනයත්,සිංහල ජාතියත් මතු පරපුරට ආරක්ෂා කොට පෝෂණය කරමින් දායාද කිරීම සහ පරපුරෙන් පරපුරට රැකගෙන යා හැකි ජන සමාජයක් ගොඩ නැගීම.
අපගේ මෙහෙවර
සම්බුද්ධ ශාසනයට ඇති වන්නා වූ අභියෝග ජය ගනිමින් බෞද්ධ උරුමය සුරකිමින් සිංහලද්වීප වාසී සහ ලෝක වාසී බෞද්ධ ජනතාවගේ අවශ්‍යතා හදුනාගනිමින් බොදු පිළිවෙත් අනුව සුරක්ෂිත වූ සදාචාරවත් පරමාදර්ශී බෞද්ධ ජන සමාජයකට මග විවර කිරීම සහ බෞද්ධ ලෝකය ඒකාත්මික කිරීම.
අපගේ අභිමතාර්ථයන්
ප්‍රධාන අභිමතාර්ථ
- බෞද්ධ ශාසනික උරුමයන් ආරක්ෂා කිරීම , මතු පරපුරට දායාද කිරීම සහ ශාසනික විරෝධී අභියෝග ජයගැනීම.
- සිව්වනක් පිරිසේ ආරක්ෂාව පෝෂණය රැකවරණය සැලසීම.
- දේශීය සහ විදේශීය වශයෙන් බෞද්ධ පුනර්ජීවයට මග සැලසීම සහ ධර්ම දූත මෙහෙවර
- බෞද්ධ සමාජය උදෙසා සවිමත් ආර්ථීක වැඩ පිළිවෙලක් ගොඩ නැගීම
අභිමතාර්ථ
1. බෞද්ධ ශාසනික උරුමයන් ආරක්ෂා කිරීම , මතු පරපුරට දායාද කිරීම සහ ශාසනික විරෝධී අභියෝග ජයගැනීම.
- විනාශ වෙමින් පවතින සංස්කෘතික හා බෞද්ධ සාසනික උරුමයන් ආරක්ෂා කොට මතු පරපුරට දායාද කිරීම.
- එම ස්ථාන ආරක්ෂා කිරීම ,ලේඛණ ගත කිරීම සහ එම ස්ථාන නීතියෙන් බෞද්ධ උරුමයන් ලෙස පිළි ගැනිමට අවශ්‍ය කටයුතු කිරීම.
- සාසනික විරෝධීන්ගේ අභියෝග වලින් මෙම ස්ථාන හා බෞද්ධයන් රැක ගැනීමට කටයුතු කිරීම.
- ශාසනයේ චිරස්ථිතිය පිණිස බෞද්ධ තොරතුරු ඇතුලත් දත්ත ගබඩාවක් සැකසීම .
2.සිව්වනක් පිරිසේ ආරක්ෂාව
- සිව්වනක් පිරිසේ ආරක්ෂාවට තර්ජනයක් වන දේශපාලන,ආර්ථික,සමාජීය,හා ආගමික වශයෙන් පැවැත්මට හානි වන සියළු අභියෝග,බාධක,දුෂ්කරතා මැඩලීම.
- භික්ෂු අධ්‍යපනය ක්‍රමවත් හා උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට අදාල අංශ යොමු කරවිමට කටයුතු කරවිම.
- ගෝලීය කරණයට භික්ෂූන් වහන්සේලා ට මුහුණ දිය හැකි වන පරිදි සඟ පරපුර නවීණ තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම.
- “.ගමයි පංසලයි වැවයි දාගැබයි” යන පැරණි සංකල්පයට යළි පණ පොවමින් ගමයි පංසලයි අතර සබදතාව වැඩි දියුණු කිරීම.
3.දේශීය සහ විදේශීය වශයෙන් බෞද්ධ පුනර්ජීවයට මග සැලසීම සහ ධර්ම දූත මෙහෙවර
4.දේශීය ධර්ම ප්‍රචාරයේ අරමුණු
- මිත්‍ය දෘෂ්ඨීන්ගේ වැරදි ඉගැන්වීම් වලට රැවටී ඇති බෞද්ධ ජනතාව එයින් මුදවා ගැනීමටත් , ඔවුන් ධර්මයෙහි පිහිටවීමටත් කටයුතු කිරීම.
- බෞද්ධයන් අන්‍යගම්කරණයෙන් වළක්වා ගැනීමට කටයුතු කිරීම හා පංසිල් සුරකින පිරිසක් බවට පත් කිරීම.
5.විදේශිය ධර්ම ප්‍රචාරයේ අරමුණු
- ගෝලීය වශයෙන් බුදු සසුනට එල්ල වී ඇති අභියෝග ජයගැනීමට කටයුතු කිරීම.
- ශ්‍රී ලංකාද්වීපයේ පුරාවිද්‍යා වටිනා කමින් යුතු පූජනීය බෞද්ධ සිද්ධස්ථාන හා ඓතිහාසික වශයෙන් පූජනීය හා සංස්කෘතික වශයෙන් වටිනා කමක් ඇති ස්ථාන සහ අංගයන් ජාත්‍යන්තර ප්‍රජාවන් අතර ප්‍රචලිත කිරීම.
- බෞද්ධ ජනසමාජය ජාත්‍යන්තර වශයෙන් ඒකාත්මික කිරීම.
6.බෞද්ධ සමාජය උදෙසා සවිමත් ආර්ථීක වැඩ පිළිවෙලක් ගොඩ නැගීම
- බෞද්ධ ව්‍යපාරික ප්‍රජාව ඒකරාශි කොට ජාලගත කර එකිනෙකා අතර සහ සම්බන්ධතා ගොඩ නැගීමට කටයුතු කිරීම හා සවිමත් කිරීමට කටයුතු කිරීම උසස් මට්ටමකට ගෙන ඒමට උනන්දු කරවීම අනුබල දීම හා ආරක්ෂා කිරීම.
- ව්‍යාපාර වැඩි දියුණූ කරගැනීමට උපදේශක සේවා සැපයීම.
- ආර්ථිකව දිළිදු බොදු ජනයාට නැගී සිටිමට මග පෙන්වීම.
- ප්‍රජාව සංවර්ධනයට හා පරිසර ආරක්ෂාවට අවශ්‍ය මග පෙන්වීම.