බුදු දහම පිළිබදව ශ්‍රී ලංකාව තුල විධීමත් හා ක්‍රමවත් වැඩ පිළිවෙලක් අනුව කටයුතු කරමින් එය ගම්,නියම්ගම් ඇතුලුව ලංකාව පුරාම නව පුනර්ජීවනයකින් යුක්තව ඇතිකිරීමේ අරමුණ පෙරදැරි කරගෙන අප බෞද්ධ තොරතුරු කේන්ද්‍රය 2016 /08 /07 දින ආරම්භ කරන ලදි.
අපගේ අරමුණූ හා පරමාර්ථ ඉටුකර ගැනීම සදහා කාර්යාලයක් අවශ්‍යව තිබූ අතර එම කාර්යාලය බුදු සසුනට ලැදි ආරියදාස වික්‍රමසිංහ මහතා සහ එම මහත්මිය පරිත්‍යාග කළ අතර නිළ වශයෙන් 2016/09 /26 දින එම කාර්යාලය විවෘත කොට බුදු සසුනට ලැදි කීප දෙනෙකුගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් දැනට අප කටයුතු සිදුකර අතර දැනට කාර්යාල ලෙස අප විධායක අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ වැඩ වසන විහාරස්ථානය භාවිතා වෙයි..
ශ්‍රී ලංකාව තුල බෞද්ධ දර්ශනයට හා බුද්ධාගමට අදාලව ඇති පුරාණ වාර්තා,ශිලා ලේඛණ මෙන්ම විහාරස්ථාන වලට අන්‍යාගමික බලපෑම් එල්ල වීම ඉතාමත් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.උදාහරණ වශයෙන් ශ්‍රී පාදස්ථානය,පාෂාණ පබ්බත විහාරය-ත්‍රීකුණෘමලය,මුහුදු මහා විහාරය ආදී වශයෙන් උතුර හා නැගෙනහිර පළාත්වල ඇති විහාරස්ථාන හිංදු සහ මුස්ලිම් ආක්‍රමණ වලට ගොදුරු වෙමින් පවති.
එබැවින් බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාව ඒකරාශී කර ශක්තිමත් කිරීම,”ගමයි පන්සලයි ” පැරණී සංකල්පය අනුව දහම් පාසල් අවදියේ සිටම දරු දැරියන් දහමට නැඹුරු කිරීම,අනාගතයේ දී වෙහෙර විහාර ආදිය පිළීබද නිවැරදි දත්ත සකස් කර ලේඛණ ගත කිරීම මගින් අනාගතයේ දී ඇති විය හැකි බලපෑමි හෝ ආක්‍රමණ වලින් මුදවා ගැනීම සදහා සාධක එක් තැන් කර විශාල වැඩ කොටසක් සිදු කිරීමට අප බෞද්ධ තොරතුරු කේන්ද්‍රය කටයුතු කරගෙන යනු ලබයි..